Raththaran Pem Purane lyrics - Jothipala

 raththaran pem purane lyrics

රත්තරන් පෙම් පුරානේ සිතුවම් මකා

ගන්න මගෙ අන්ධ නෙත්

තාම නොපෙනේ ළඳේ

මට ඔබේ කුරිරු පිටු පෑම

නොපෙනෙන්න නම්

දිළිදු මේ අන්ධ නෙත් වාසනාවන් ළඳේ

රත්තරන් පෙම් පුරානේ සිතුවම් මකා

ගන්න මගෙ අන්ධ නෙත්

තාම නොපෙනේ ළඳේ

ලොවක හිරු එළිය

සඳ පහන දැනගන්න හෝ

උරුම පින් මහිම නැති මා වගේ අන්ධයෝ

කිමද නෙතු දිලෙන අඟනුන්ට

බැන්දේ සෙනේ

ඔබ නොවේ ළදුනි මා අතින් වරදක් වුනේ

ලොව පෙනී ඔබද අදුරු මට පෙම් බැඳී

උන්නු ඒ යුගය අවසන්ද

මගෙ ලොව බිඳී

රත්තරන් පෙම් පුරානේ සිතුවම් මකා

ගන්න මගෙ අන්ධ නෙත්

තාම නොපෙනේ ළඳේ

තේජ අසමාන බලධාරී දෙවියන් පවා

දෑස නැති උන් රකින්නේ ද සැනසුම් එවා

දෑස ඇති අයට පමණක්ද උරුමේ සෙනේ

ළදුනි ආදරය අද අපට නැතිදෝ අනේ

ලොව පෙනී ඔබද අදුරු මට පෙම් බැඳී

උන්නු ඒ යුගය අවසන්ද

මගෙ ලොව බිඳී

රත්තරන් පෙම් පුරානේ සිතුවම් මකා

ගන්න මගෙ අන්ධ නෙත්

තාම නොපෙනේ ළඳේ

මට ඔබේ කුරිරු පිටු පෑම

නොපෙනෙන්න නම්

දිළිදු මේ අන්ධ නෙත් වාසනාවන් ළඳේ

Comments

Popular posts from this blog

We don't talk about Bruno - Encanto

Godzilla lyrics - Eminem